නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් සුළි කුණාටුව වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසට අද(30) දවස පුරා වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නිරත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සදහන් කළේ, කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුර පළාතට මිලිමීටර් 75ට වැඩි වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත‍්‍රික්ක 09 ක් සදහා නිකුත් කළ අවදානම් නිවේදනය අද පස්වරු 4 දක්වා තවදුරටත් බලාත්මකයි.
කලා ඔය සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ ගංවතුර අනතුර මේ වන විට ඉවත් කර තිබෙනවා.
දිස්ත්‍රික්ක 24 කට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 141, 268 කට අයත් පුද්ගලයින් 475,000 කට පීඩා එල්ල වී තිබෙනවා.
වැස්සත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කාර්තිවු ප්‍රදේශයේ දී ගංවතුරට හසු වූ ට්‍රැක්ටරයේ සිට අතුරුදන් වූ 16 හැවිරිදි තවත් පාසල් සිසුවෙකුගේ මළසිරුරක් අද උදෑසන සොයාගත් බවයි.
ඒ අනුව, මේ වන විට අනතුරින් අතුරුදන්ව සිටි ළමයින් 06 දෙනාගේම සිරුරු හමුවී තිබෙනවා.
ඊට අමතරව ට්‍රැක්ටරයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකුගේද මළසිරුරු හමුවුණා.