ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
92 පෙට්‍රල් ලීටරයක රුපියල් 311ක්ව පැවති මිල රුපියල් 2 කින් පහළ දමා ඇති අතර එහි නව මිල 309.00ක් වෙනවා.
රුපියල් 283ක්ව පැවති, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 286ක්.
එමෙන්ම රුපියල් 183ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 188.00ක් වෙනවා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල 371.00ක්ව පැවති අතර එහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.
Author: Lanka Hit News
Post Views: 39