ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ දරුණු ජලගැලීම් ආපදා තත්ත්වය පිළිබඳව නිසි කාලයේ දී පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් නොකළ බවට ජනතාව බලධාරීන්ට චෝදනා කරමින් විරෝධතාවයක නිරත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔක්තෝබර් 29-30 දිනවල සිදුවූ බරපතළ ගංවතුරවලින් පුද්ගලයින් 230 කට වැඩි පිරිසක් මියගොස්, දස දහස් ගණනකගේ නිවාස හා දේපළ විනාශ වූ බව සඳහන්.
මෙමගින් විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ Valencian ප්‍රාන්ත බලධාරී Carlos Mazonට ඉල්ලා අස්විය යුතු බවයි.
Mazon විරෝධතා අතරතුර කැබිනට් මණ්ඩලය සංශෝධනය කර, ආපදා කළමනාකරණය සඳහා විශ්‍රාමික ජෙනරාල්වරයෙකු පත් කරනු ලැබුවත්, තවමත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර සිටී.
ගංවතුර ආරක්ෂාව පිළිබඳ මූලික අනතුරු ඇඟවීම් ලබා දිය යුතු මොහොතේ දී, මහජනතාවගේ ජංගම දුරකථන වෙත අනතුරු ඇඟවීම් පණිවිඩ එවා නොතිබීම, ගංවතුර ආරම්භ වී ඇති සන්ධිස්ථානවලදී පමණක් මේ අනතුරු ඇඟවීම් සිදු කර තිබීම මෙහිදී විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
සෙනසුරාදා පැවැති විරෝධතා පෙළපාලිය අවසන් වන විට, විරෝධතාකරුවන් ඔවුන්ගේ ජංගම දුරකථනවල ආරක්ෂිත අනතුරු ඇඟවීම් ශ්‍රව්‍ය සක්‍රීය කරමින් එක්සත්ව විරෝධය ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.