Global Platform For All Sri Lankans

Lanka Hit News

හිමිනමකට අයත් බව පැවසෙන, ගරාජයකින් හමු වූ සැප ජීප් රිය

නීති විරෝධීව කොටස් එකලස් කරන ලද Land Rover වර්ගයේ කළු පැහැති ජිප් රථයක් ඊයේ (30) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සොයාගෙන තිබෙනවා.

කොට්ටාව මාලඹේ පාරේ පදිංචි පුද්ගලයෙකු විසින් රුපියල් 12.000ක මාසික කුලී පදනම මත පවත්වාගෙන යන පොල්ගස්ඕවිට කුඩමාදූව පාරේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ගරාජයක තිබීයදී මෙම එකලස් කරන ලද land rover වර්ගයේ ජීප් රථය සොයාගෙන තිබුණා.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක රන්දිම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් (30) මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් එම ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මහරගම පොලිස් වසමේ අපේක්ෂා බෝධි විහාරාධිපති පූජ්‍ය හේනේගම ධම්මදාන හිමියන් විසින් මීට වසර එක හමාරකට පමණ පෙර Land Rover වර්ගයේ චෙසියක්, ටයර් 04 ක් ගෙනැවිත් ජිප් රථයක් සකස් කිරීම සඳහා මෙම ගරාජය වෙත භාර දුන් බවටයි.

එමෙන්ම මීගමුව මාරවිල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 14.5 ක් වටිනා භාවිත කරන ලද Land Rover වර්ගයේ එන්ජිමක් රැගෙන විත් භාර දුන් බව ද ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඒ අනුව, නීති විරෝධීව කොටස් එකලස් කොට ජීප් රථයක් සෑදීම සඳහා කොටස් ගෙනැවිත් භාර දුන් මහරගම අපේක්ෂා බෝධි විහාරාධිපති පූජ්‍ය හේනේගම ධම්මදාන හිමියන්ගෙන් හා එම ගරාජයේ හිමිකරු වන වෙඩිප්පුලි ආරච්චිලාගේ මහින්දසිරි පෙරේරා හා පස්සර ගෝනපොළ වත්තේ පදිංචි එහි සේවකයකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කොටගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ජීප් රථය සමඟ ගරාජය වෙත රැගෙන එන ලද පැරණි එන්ජිම හා මෙම නීති විරෝධී ලෙස එකලස් කරන ලද ජිප් රථය සමග ඉදිරිපත් කර තිබූ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ මුල් ලේඛනය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය විසින් ඉදිරි විමර්ශන පවත්වනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads