පසුගිය නොවැම්බර් මස 29 වැනිදා සිඩ්නි නුවර සිට කටුනායකට පැමිණ නැවත අමෙරිකාවට බලා පිටත්ව යන ගුවන් යානයක හදිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළ යුතු දොර විවර කිරීමට උත්සහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අද (02) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු එම ගුවන් යානයේ ආරක්ෂක පටි යොදා ආරක්‍ෂිතව මෙරටට ගෙනවිත් කටුනායක පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අද කොළඹ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කර ඇත්තේ.
එහිදී සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගැනීම මත ඔහුට රුපියල් විසි පන්දහසක දඩ මුදලක් නියම කෙරුණා.
සැකකරු අධික ලෙස බීමත්ව එම හදිසි දොරටුව විවර කිරීමට උත්සහ කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ, බ්‍රිතාන්‍ය ජාතික බෙවන් ක්‍රිස්ටි ස්කොට් නැමැති පුද්ගලයෙක්.
![Lanka Hit News](https://secure.gravatar.com/avatar/403db0c9ef6805ee5818383b12ef7a4e?s=96&r=g&d=https://lankahitnews.com/wp-content/plugins/userswp/assets/images/no_profile.png)
Author: Lanka Hit News
Post Views: 14