වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (02) සවස් කාලයේ නුවරඑළිය ප්‍රදේශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එසේම, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 ත් 65 ත් අතර වයස්වල පසු වන ඉන්දුනීසියානු ජාතිකයින් බව ද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.
Author: Lanka Hit News
Post Views: 290