අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරේ සිටි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස් මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එම්.එස් දෙහිදෙණිය නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස මාරු කර තිබෙන බවද නිවේදනයේ සඳහන්.
Author: Lanka Hit News
Post Views: 307