Global Platform For All Sri Lankans

Lanka Hit News

සැපපහසුවට යන්න , කෝටි 90ක වියදමින් මෙරටට එන සැහැල්ලු දුම්රිය

 

මැදිරි තුනකින් යුත් , සැහැල්ලු දුම්රියක් (Light Rail) මෙරට නිෂ්පාදනයට සැලසුම් සකස් කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (තාක්ෂණ) කීර්ති හේවාවිතාරණ සඳහන් කරනවා.

මගීන් 240කට පහසුවෙන් ගමන් කළ හැකි මේ දුම්රිය පූර්ණ වායු සමීකරණයකින් හා සැහැල්ලු දුම්රියට අදාළ පූර්ණ පහසුකම්වලින් යුක්තව නිෂ්පාදනයට අමෙරිකන් ඩොලර් මිලියන 3ක් (රුපියල් කෝටි 90ක් පමණ) වැය වන බවත් වායු සමීකරණය නොමැතිව සාමාන්‍ය මගීන්ට ගමන් කිරීමට සැහැල්ලු දුම්රියක් නිෂ්පාදනයට අමෙරිකන් ඩොලර් මිලියන 2.5ක් පමණ වැය වන බවත් ඔහු පෙන්වා දුන්නා..

මෙරට මඟී ප්‍රවාහනයේදී සුළු මඟීන් පිරිසක් ප්‍රවාහනයේදී දුම්රියක් යොදවා විශාල පිරිවැයක් දරනවාට වඩා සැහැල්ලු දුම්රිය යෙදවීම වඩාත් ඵලදායි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයෙක් සොයා ගැනීම වෙනුවෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට නිෂ්පාදිත රේල් බස් ව්‍යාපෘතිය හරහා සේවාවක් වන නමුත් මඟීන් ප්‍රවාහනයේදී මඟියාගේ ආරක්ෂාව වෙනුවෙන් වඩාත් උපරිමව කටයුතු කිරීමට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads