Global Platform For All Sri Lankans

Lanka Hit News

නිදහස් උත්සවය සංවිධානයට කමිටුවක්

 

2025 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 77 වන නිදහස් දින උත්සවය සංවිධාන කටයුතු සඳහා ජනපති අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ 77 වන නිදහස් දින සමරු උළෙල පැවැත්වීම හා එහි සංවිධාන කටයුතු වලට අදාළව මඟපෙන්වීම, මෙහෙය වීම සහ අධීක්ෂණය සඳහායි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පත් කරනු ලැබ ඇති අදාළ විෂයන් භාර අමාත්‍යවරුන් ද ඇතුළත් කරමින් 77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීමට අදාළව අවශ්‍ය පෙන්වීම සඳහා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරියගේ සහභාගිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads