අධික වැසි පවතින කාලවලදී වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස ගිහින් නැහැ..
ඒ හේතුවෙන්, පවුල් 60 ක පමණ ජනතාවක් දැඩි පිඩාවට පත් වී සිටිනවා.
වැසි කාලවලදී ජනපදය පුරා වැසි ජලය අඩි පහක පමණ මට්ටමකට පිරීමෙන් මේවන විට නිවාස 60 ක් පමණ ජලයෙන් යට වී තිබෙනවා..
ජනපදයට පිවිසෙන මාර්ගද වැසි ජලයෙන් යටවීම නිසා පදිංචිකරුවන් සිය දෛනික කටයුතු සඳහා තෙප්පමක් භාවිතා කරමින් ගමනා ගමන කටයුතු සිදුකරන අතර බොහෝ නිවාස තුළට ද ජලය ගලා යාමෙන් ශාහ භාණ්ඩ ඇතුලු වටිනා උපකරණවලටද හානි වී ඇති බව ගම්වාසිහු සඳහන් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 14