පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝරාජ් තේරීපත් වී තිබෙනවා.
ඒ, එම සංසදය ඊයේ (03) අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
එම ධුරය සඳහා සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ නම සමන්මලී ගුණසිංහ විසින් යෝජනා කළ අතර, අනුෂ්කා තිලකරත්න විසින් එම යෝජනාව ස්ථිර කළ බව සඳහන්.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් දෙදෙනෙක්ද තේරී පත් වී තිබෙනවා.
ඒ අනුව, චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල නියෝජ්‍ය සම සභාපති ලෙසට රෝහිණි විජේරත්නගේ යෝජනාවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තුෂාරි ජයසිංහගේ ස්ථිරත්වයෙන් තේරී පත් වූ බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සමන්මලී ගුණසිංහ ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්විගේ යෝජනාවෙන් සහ දීප්ති වාසලගේ ස්ථිරත්වයෙන් නියෝජ්‍ය සම සභාපති ලෙස තේරී පත් වුණා.
එහිදී අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය කියාසිටියේ, ජනතාව විසින් ඡන්දයෙන් කාන්තාවන් සැලකියයුතු ප්‍රතිශතයක්, මන්ත්‍රීවරියන් ලෙස පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
ඉදිරියේදී කිසිදු දේශපාලන මතවාදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තුළ කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.