ඉදිරි සති දෙක ඇතුළත සතොස හරහා පොල් ගෙඩියක් රුපියල් 130 මිලකට ලබා දීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ ,
මෙසේ පොල් ගෙඩි ලක්ෂ දහයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි.
අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ,
“පොල් නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයට අයිති ආයතන පද්ධතියක් තිබෙනවා. රජයේ වතු වල පොල් නිෂ්පාදන නාගරික ජනතාවට රුපියල් 130 ට විකුණන්න අප කටයුතු කරනවා.
එමෙන්ම දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් රුපියල් 220 මිලකට මුදා හැරීමට සහල් මෝල් හිමියන් එකඟ වී තිබෙනවා “
Author: Lanka Hit News
Post Views: 15