Global Platform For All Sri Lankans

Lanka Hit News

මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි

 

මතුගම නගරාසන්නයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් මතුගම පොලීසිිය විසින් වටලා තිබෙනවා.

මතුගම නගරාසන්නයේ මද්දෙගොඩ පාරේ නිිවසක් කුලියට ගෙන එම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර මතුගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදි කසිප්පු නිෂ්පාදනය සඳහා සකසා තිබු කසිප්පු මිලිලීටර් පහලොස්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්, පෙරීම සඳහා උපයෝගි කරගත් දඟර, ගෑස් සිලින්ඩර, ගෑස්ලිප් හා උපකරණ තොගයක් සමඟ එක් සැකකරුවකු පොලීසිිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි නිෂ්පාදිත කසිප්පු මතුගම අවට උප නගරයන්ට තොග වශයෙන් බෙදාහැරීම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads