Global Platform For All Sri Lankans

Lanka Hit News

රුහුණු කතරගම බස්නායක නිලමේවරයාට අතුරු තහනම් නියෝගයක්

 

තිස් වසරක බදු ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගමකට බදු දී ඇති රුහුණු කතරගම දේවාලයට අයත් ඉඩම් අක්කර 500ක් බදු ගිවිසුම අවසන් වීමට පෙර හෝ එකී සමාගම එම දේපොළින් නෙරපා හැරීම වළක්වාලමින් නුගේගොඩ දිසා අධිකරණය, රුහුණු කතරගම බස්නායක නිලමේවරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දැඩිගම ගෘප් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සදුන් සේනාධිපති මහතා කළ කරුණු දැක්වීම් සළකා බැලු නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා විසින් ලබන 17 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එකී අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

සිය සේවාදායකයා විසින් වසර 30ක බදු කාලයක් සඳහා ලබා ගත් එම ඉඩම කෘෂිකාර්මික කටයුතු සඳහා තුන්වන පාර්ශ්වයකට බදු දී ඇති බවත්, එම ගණුදෙනුව නිත්‍යානුකුලව සිදු කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

නමුත් රුහුණු කතරගම දේවාලේ බස්නායක නිලමේවරයා අනීතික අන්දමින් මුල් බදු ගිවිසුම අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බවද නීතිඥ වරයා සඳහන් කළා.

ඒ අනුව නුගේගොඩ දිසා අධිකරණය එකී අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads