ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක උෂ්ණත්වය හෙට(06) දිනයේ දී සෙල්සියස් අංශක 40 ඉක්මවා යා හැකි බව එරට කාළගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කරනවා.
ඒ අනුව වික්ටෝරියා හි උෂ්ණත්වය හෙට උපරිම අගයක් ගනු ඇති අතර මෙල්බර්න් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක උපරිම උෂ්ණත්වයක් කරා ගමන් කරනු ඇති.
ඇඩිලේඩ් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් දක්වා ඉහළ යනු ඇති අතර දකුණු ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රදේශවලට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවයි පුරෝකථනය කරන්නේ.
විශේෂයෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය ද ඉදිරි සතියේ සාපේක්ෂව ඉහළ අගයක් ගනු ඇති.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ දී හෙට පආරම්භ වන ටෙස්ට් තරගයේ දී ක්‍රිකට් ලෝලීන්ට සෙල්සියස් අංශක 33ක උපරිමයක් වූ උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකි බවයි පැවසෙන්නේ.
මෙම සතියේ ඇඩිලේඩ් වැසියන්ට රාත්‍රී කාලයේ උෂ්ණත්වය ද යම්තාක් ඉහළ අගයක් ගන්නා බව සදහන් වන අතර බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා අගයක් වාර්තා කරනු ඇති.