Global Platform For All Sri Lankans

Lanka Hit News

පුංචි ඡන්දය පවත්වන දින මෙන්න

නීතිපති උපදෙස් අනුව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අවධාරණය කර සිටිනවා.

මේ අනුව,  මැතිවරණය පැවැත්වෙන දිනය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වූ පසු ප්‍රකාශයට පත්කරන බව පවසනවා.

විභාගය පැවැත්වෙන කාලය තුළ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරහොත් දේශපාලන පක්ෂ විවිධ ප්‍රචාරක කටයුතු සිදුකරන බැවින් ඉන් විභාගයට විවිධ අපහසුතා පැවැත්වීමට හැකි බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමුව් තිබේ. එලෙස සංශෝධනය කර පෙර කැදවූ නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැදවීමට අවධානය යොමුව තිබෙනවා.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම සියලු කරුණු පිළිබඳ අධ්‍යනය කර නීතිපති උපදෙස් ලබා ගෙන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads