Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇමරිකා ජනපති ට්‍රම්ප් හා විලියම් කුමරු අතර හමුවක්

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, එංගලන්තයේ විලියම් කුමරු හමුවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නෝත්‍රඩෑම් දේවස්ථානය යළි ජනතාවට විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් පසුවයි මෙම හමු වීම සිදු වී ඇත්තේ.

මෙහිදී ඔවුන් දෙදෙනා සුහද කතාබහක නිරත වී ඇති අතර, විලියම් කුමරු විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තම කෘතඥතාව පළ කර ඇති බවද එම වාර්තාවල සඳහන්.

ඔවුන් දෙදෙනා අවසන් වරට හමු වී ඇත්තේ 2019 වසරේ එවකට ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියේ රාජ්‍ය සංචාරයක් කළ අවස්ථාවේදියි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads