Global Platform For All Sri Lankans

Lanka Hit News

අපරාධ අඩු වූ ලස්සන රටක්

සිය රටේ සිදුවන අපරාධ මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව නවසීලන්තය පවසනවා.

එරට අගමැති ක්‍රිස්ටෝපර් ලක්සන් ප්‍රකාශ කරන්නේ මෝටර් රථවලින් සිදුකරන කඩා වැදීම් 60%කින් පමණ අඩු වී ඇති බවයි.

එසේම අපරාධ වින්දිතයන් සංඛ්‍යාව ද 3%කින් පහත වැටී තිබෙනවා.

නවසීලන්තයේ පසුගියදා සිදු කළ සමීක්ෂණයකට අනුවයි මෙම කරුණු අනාවරණය වී ඇත්තේ.

එරට අපරාධ අඩු කිරීම සඳහා පසුගිය වකවානුවේ විවිධ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට බලධාරීන් කටයුතු කළා.

පොලිසිය සහ ආරක්ෂක අංශ ද ඒ වෙනුවෙන් විවිධ නව වැඩපිළිවෙලවල් රැසක් සිදු කළ බවයි වාර්තා වූයේ.

රජයේ ප්‍රතිපත්ති යටතේ ආරක්ෂිත බව දැනෙන ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇති අතර එය 19% සිට 26% දක්වා වැඩි වීමක්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads