ධීවරයින් වෙනුවෙන් ලබාදුන් භූමිතෙල් සහනාධාරය සඳහා මාසිකව රුපියල් 9,375 මුදලක් ඉදිරි මාස 5 සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ , ධීවරයින්ට එම සහනාධාරය ලබාගැනීමේ ක්‍රමවේදය පහසුකිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
මේ අතර, ඩීසල් ලීටරයකට රු 25 බැගින් වූ ඩීසල් සහනාධාරය ඉදිරි කාලය සඳහා ද, ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවරයින් මුහුණ දී සිටි අසීරුතාවයන්ට සහන සැලසීමේ අරමුණින් පසුගිය ඔක්තෝබර් මස 1 වනදා සිට රජය විසින් ඩීසල් සහ භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට කටයුතු කළා.
එහිදී, ඩීසල් ලීටරයකට රු 25 බැගින් ඩීසල් සහනාධාරය ලබාදුන් අතර, භූමිතෙල් ලීටරයකට රු 25 බැගින් දිනකට ලීටර් 15ක උපරිමයකට යටත්ව මාසයකට දින 25ක් සඳහා මෙම සහනාධාරය ලබා දෙනු ලැබුවා.