Global Platform For All Sri Lankans

Lanka Hit News

හඳුනානොගත් උණ රෝගයකින්, තිදෙනෙක් මරුට

 

යාපනය ශීක්ෂණ රෝහලේදී දින දෙකක් ඇතුළත උණ රෝගයකින් පුද්ගලයින් තුන් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඊයේ (09) පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති ප්‍රකාශ කළේ, එසේ මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි.

උණ රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයින් රෝහල් ගතව සිටියදී මියගොස් ඇතත්, එම උණ රෝගය නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම නිසා රෝහලේ වෛද්‍යවරු බරපතල ප්‍රශ්නයකට මුහුණ පා තිබෙනවා.

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 42ක පුද්ගලයෙකු, නාවට්කුලි ප්‍රදේශයේ වයස අවුරුදු 32ක පුද්ගලයෙකු හා කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කළ වයස අවුරුදු 28ක පුද්ගලයෙකුයි මෙසේ මිය ගොස් ඇත්තේ.

යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, උණ හා කැස්ස වැළඳී ඇති රෝගීන් වහාම ළඟම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා වැදගත් බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads