Global Platform For All Sri Lankans

Lanka Hit News

රිලවුන් චීනයට යවන්න , හිටපු ඇමති කියයි

 

වගා හානි සිදුකරන රිලවුන්ට ඇති සුදුසුම විසඳුම පසුගිය රජය සමයේ තීරණය කළ පරිදි රිලවුන් විදෙස් රටවලට යැවීම බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව, වත්මන් රජය කඩිනමින් ක්‍රියාත්මක වී මෙරට රිලවුන් ලක්ෂයක් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා යැවීම කළ යුතු බවයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වන සතුන් හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳව ප්‍රදේශ රැසකින් තොරතුරු වාර්තා වන අතර ගාල්ල තවලම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටින්නේ රිලා උවදුර හේතුවෙන්.

මෙලෙස වගාවන්ට හානි කරන රිලවුන් ඉවත් කිරීමට සුදුසුම විසඳුම පසුගිය රජය සමයේ තීරණය කළ පරිදි රිලවුන් විදෙස් රටවලට අපනයනය කිරීම බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ගාල්ල තවලම ප්‍රදේශයේ කුරුඳු සහ තේ ගොවීන්ට තවත් හිසරදයක් වී ඇත්තේ මෑතක සිට විශාල වශයෙන් ගෝනුන් වගාවන්ට හානි සිදු කිරීමයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads