දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය Kim Yong-hyun සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පසුගිය අඟහරුවාදා අගභාගයේදී හමුදා නීතිය කෙටිකාලීන පැනවීමෙන් පසු “අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීම සඳහා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම” ඇතුළු විවිධ චෝදනා මත Kim නිල වශයෙන් අත්අඩංගුවට ගත බවයි කියන්නේ.
එහිදී අත්අඩංගුවට ගැනීමට ටික වේලාවකට පෙර කිම් මහතා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව පවසයි.
සාක්ෂි විනාශ විය හැකි බවට ඇති කනස්සල්ල මධ්‍යයේ කිම් මහතා මෙසේ අත්අඩංගුවට ගත් බවයි සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ ප්‍රකාශකයෙකු පෙර දින AFP වෙත පවසා තිබුණේ.
කිම් මහතා ඉරිදා අත්අඩංගුවට පත් වන විට හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ යුද නීති මෙහෙයුම භාර ජෙනරාල්වරයා සමඟ සංචාරක තහනමක්ද පනවායි තිබුණා.
එමෙන්ම පොලිසිය පවසන්නේ බදාදා අලුයම කොරියානු ජාතික පොලිස් ඒජන්සියේ කොමසාරිස් ජනරාල් චෝ ජි-හෝ සහ සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සියේ ප්‍රධානී කිම් බොං-සික් ද අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර ජනාධිපති යූන් සූක් යෙයෝල්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම පිළිබඳ පරීක්ෂණ වේගවත් වන හෙයින්, ඔවුන් ඔහුගේ කාර්යාලය වටලා ඇති බවයි දකුණු කොරියානු පොලිසිය සඳහන් කරන්නේ.
යූන් මහතා දෙසැම්බර් 3 වන දින කෙටි කාලීන සිවිල් පාලනය අත්හිටුවීමෙන් පසු ඔහුගේ අභ්‍යන්තර කවය තුළ “කැරැල්ල” පරීක්ෂණයක කොටසක් ලෙස දැනටමත් සංචාරක තහනමක් යටතේ සිටින බවද වාර්තා සඳහන් කරනවා.
කෙසේ නමුත් ජනාධිපතිවරයා කෙටිකාලීන යුද නීතිය පැනවීම සම්බන්ධයෙන් කැරලි චෝදනා මත අපරාධ විමර්ශනයට ලක්වන නමුත් ඔහුව තවමත් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කර නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසන්නේ.