මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා ඊයේ (11) ලොවපුරා බිඳ වැටීමකට ලක් වුවා.
රටවල් කිහිපයක WhatsApp, Facebook සහ Instagram බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සියලු සමාජ මාධ්‍ය සේවා බිඳ වැටීම හේතුවෙන් පැය ගණනාවක් යනතුරු පරිශීලකයින්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවහිරතා මතුව තිබුණා.
එම සමාගම සිය සමාජ මාධ්‍ය පරිශීලකයින්ට X පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි.
එය යථා තත්වයට පත්කර ගැනීමට එලෝන් මාස්ගේ සහය ලබා ගෙන ඇති බවද වාර්තාවල සඳහන්.
ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් පරිශීලනය කරන්නන්ගෙන් සමාව අයැද සිටීමට මෙටා සමාගම කටයුතු කර තිබුණා.
Facebook අවහිරතා සම්බන්ධයෙන් පරිශීලකයින් 22,000 ක් පමණ ඊයේ පස්වරුව වනවිට පැමිණිලි කර තිබූණු බව කියයි.
එමෙන්ම WhatsApp පරිශීලකයින් ද 18,000 ක් පමණ ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා.
සියලු සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් පැමිණිලි ලක්ෂයකට වඩා ලැබී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙටා සමාගම දැනුම් දෙන්නේ ඊයේ බිඳ වැටුණු සිය සේවා සැපයුම මේ වනවිට 99% ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බවයි.
මෙම සමාගමේ සමාජ මාධ්‍ය ගිණුම් බොහෝමයක් ලොවපුරා ඉතා ප්‍රචලිත වන අතර එහි මාසිකව බිලියන තුනකට අධික සක්‍රීය පිරිසක් Facebook පරිශීලනය කරයි.