Global Platform For All Sri Lankans

Lanka Hit News

2034 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සෞදි ආරාබියේ තියන්න තීරණය කරයි

ලෝක පාපන්දු ආයතනය වන FIFA විසින් 2034 FIFA ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස සෞදි අරාබිය නිල වශයෙන් නම් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ එම ආයතනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසිනුයි.

ඒ, සාමාජික රටවල් 211ක නියෝජිතයින් ඊයේ (11) සූම් තාක්ෂණය ඔස්සේ රැස්වී සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ගනු ලැබූ එකගතාවයන්ට අනුව වේ.

එහිදී 2030 ලෝක කුසලානයේ සම සත්කාරකයන් ලෙස මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලය ද තහවුරු කළ බව කියනවා.

මීට අමතරව FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආරම්භ කර 2030 වසරට වසර 100ක් සම්පූර්ණ වනවා.

ඒ අනුව තරඟාවලියේ ශත සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් තරඟ සංවිධායකයින් තීරණය කර ඇත්තේ මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ ඒකාබද්ධ යෝජනාවට අනුව 2030 මහාද්වීප තුනක් සහ රටවල් හයක් හරහා උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පැරගුවේ උත්සව පැවැත්වීමටයි.

2022 දී කටාර් රාජ්‍යයෙන් පසු සෞදි අරාබිය මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරන දෙවන මැද පෙරදිග රට බවයි කියන්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads