පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර, නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර, එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට සෙමින් ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුර මුහුද ආසන්නයේ තමිල්නාඩු වෙත ළගා වීමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා.
මේ අතර, උතුරු පළාතේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
තවද , උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
Author: Lanka Hit News
Post Views: 11