හඳුනානොගත් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය 07 දෙනාගෙන් ලබාගත් සාම්පලවලින් කිහිපයකම මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් වෛරසය බවට තහවුරු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණි දබරේ මේ බව කියා සිටියේ, කොළඹ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
කෙසේ වෙතත්,පෙර සඳහන් වූ පරිදි හඳුනා නොගත් උණ රෝගයෙන් උතුරු පළාතේ මියගිය සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් පවසා සිටියා.
ඔවුන්ගෙන් 06 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙනුත් තවත් පුද්ගලයෙකු මුලතිව් දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වුණා.
මෙම උණ තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 20ත් 65ත් අතර වයස්වල පසුවන පේදුරුතුඩුව, කරවෙඩ්ඩි, චාවකච්චේරිය සහ මුලතිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
Author: Lanka Hit News
Post Views: 12