Global Platform For All Sri Lankans

Lanka Hit News

17, 18 පමණක් රැස්වෙන මැතිසබය

 

පාර්ලිමේන්තුව දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා, සහ 18 වැනි දා බදාදා පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ පසුගිය 06 වැනිදා කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කරගත් බවයි.

ඒ අනුව, දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව 9.30 – පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 2.00 දක්වා පාසල් ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීම සඳහා දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව සහ 2024 මාර්ග ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් වූ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන, එම විවාදය 2024.12.18 වැනි දිනට ද පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි එම නිවේදනයේ සඳහන්.

ඉන්පසු ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

දෙසැම්බර් 18 වැනි දා බදාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව නැවතත් රැස්වන අතර, පෙ.ව 9.30 – පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පෙර දින කල්තබන ලද පරිපූරක ඇස්තමේන්තු දෙක සම්බන්ධ විවාදය සමග, ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගය, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි වලට අදාළ විවාදය පැවැත්වීමටත් එම විෂයන් සියල්ලම පස්වරුවේ සම්මත කරගැනීමටත් නියමිතව ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads