Global Platform For All Sri Lankans

Lanka Hit News

ඉන්දීය සුපිරි තරු අල්ලු අර්ජුන් පොලිස් අත්අඩංගුවට

සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ හයිද්‍රාබාද්හිදීයි බවයි කියන්නේ.

පසුගිය 4වෙනි දා ‘Pushpa 2’ තිරගත වීම අතරතුර චිත්‍රපට ශාලාවක වූ තෙරපීමක් සම්බන්ධයෙන් වාර්තා වී තිබුණා.

එම තෙරපීමෙන් කාන්තාවක් මිය ගොස් ඇගේ 8 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ප්‍රශ්න කිරීම සඳහා අල්ලු අර්ජුන්ව පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

මෙම චිත්‍රපටයේ විශේෂ දැක්ම සඳහා අල්ලු අර්ජුන් සිනමා ශාලාව වෙත පැමිණ ඇති බවත්, ඔහු දැකබලා ගැනීමට එහි පැමිණි පිරිස රැස්වූ බවට වන චෝදනාවයි මොහුට විරුද්ධව එල්ල වී ඇත්තේ.

තෙරපීමෙන් මිය ගිය කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන්නියක්.

එහිදී ඇගේ පුත්‍රයා හුස්ම හිරවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙන බවද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads