Global Platform For All Sri Lankans

Lanka Hit News

ලොව ලාබාලතම චෙස් ශූරතාවය ඉන්දියාවේ ගුකේෂ්ට

ඉන්දීයාවේ 18 හැවිරිදි ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju) ලොව ළාබාලතම චෙස් ශූරයා බවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරඟාවලියේ අවසන් මහා තරඟයේදීයි ඔහු මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ.

ඒ වත්මන් ශූර චීනයේ ඩිං ලිරන් (Ding Liren) අභිබවා යමින්.

ඒ අනුව ඩිං ලිරන්ව පරාජය කළ ගුකේෂ් දොමරජු,18 වැනි ලෝක චෙස් ශූරයා ලෙසයි වාර්තා අතරට එක් වන්නේ.

ඔහු වයස අවුරුදු 6 හමාරේ සිට චෙස් ක්‍රීඩාවට යොමු වී ඇති බව කියයි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය ලබන්නට හීන මවමින් සිටි බවයි.

ගුකේෂ් හමුවේ පරාජයට පත්වූ චීනයේ ඩිං ලිරන් මෙතෙක් ලෝකයේ පස්වන ස්ථානයේ සිටි චෙස් ශූරයා බවයි කියන්නේ.

තරඟ 14 කින් සමන්විත ලෝක ශූරතා තරඟාවලිය පසුගිය දෙසතිය තුළ ලොව පුරා චෙස් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණු බව සඳහන්.

එමෙන්ම විශ්වනාදන් ආනන්ද්ගෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වුණු දෙවන ලෝක ශූරයා ගුකේෂ් වීමද විශේෂත්වයකි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads