Global Platform For All Sri Lankans

Lanka Hit News

වන්දියක් ඉල්ලා සුජීව අධිකරණයට

 

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම නිවස පරීක්ෂා කිරීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 15වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (13) අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

පෙත්සම්කාර සුජීව සේනසිංහ කියා සිටින්නේ නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් තම නිවස පරීක්ෂාකර තමන්ගේ ප්‍රශ්න කළ බවයි.

පසුව සිදුකළ විමර්ශනවලදී එවැනි වාහනයක් පිළිබඳ තොරතුරු අනාවරණය නොවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads