Global Platform For All Sri Lankans

Lanka Hit News

අද ප්‍රසිද්ධ කෙරෙන , මහ මැතිවරණයේ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා

 

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසනවා.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ, සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා බාරදීමට ලබාදී තිබු කාලය පසුගිය දෙසැම්බර් මස 6 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

එම කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තරග කරන ලද අපේක්ෂකයින් 8361 දෙනාගෙන් 7412 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ , ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරන ලද අපේක්ෂකයින් 690 දෙනාගෙන් 493 දෙනෙකු ආදායම් වියදම් වාර්තා බාර දී ඇති අතර ජාතික ලැයිස්තු අපේක්ෂකයින් 527 දෙනාගෙන් 434 දෙනෙකු වාර්තා බාරදී ඇති බවයි.

ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads