Global Platform For All Sri Lankans

Lanka Hit News

හුටපට අස්සේ , බලශක්ති ඇමතිත් CID යයි ?

 

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඊයේ (16) පස්වරුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අමාත්‍යවරයාට උපාධියක් නොමැති බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් සම්බන්ධයන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින්.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කළේ, තමන් ඉංජිනේරුවරයෙකු ලෙස සියළු සුදුසුකම් සපුරා ඇති බවයි.

ඒ අනුව, තමන්ට උපාධියක් නොමැති බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු වන පුවත් අසත්‍ය සහ ව්‍යාජ බව ද ඔහු පෙන්වා දුන්නා.

තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සහ විවිධ චෝදනා එල්ල කරන පුද්ගලයින් පිළිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

එසේම අමාත්‍යවරයා එහිදී පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සඳහා නිකුත් කළ සහතික පත්‍රය ද මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම අධ්‍යාපන සුදුසුකම් ගැටළුව සම්බන්ධයෙන් ඊයේ (16) පෙරවරුවේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, තම තොරතුරු ව්‍යාජ ලෙස පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads