මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාසභංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාට සුබ පතමින් සඳහන් කර තිබෙනවා.
ඒ අද (17) නව කථානායකවරයා තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව , පර්ලිම්න්තුවේ සභාව අමතමින්.
“ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදායකය තුළින් වඩා පරිණත ප්‍රශස්ත සේවාවක් රටේ ජනතාවට සිදුකරන ගමනේදී ඔබ සතුව සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා.
ව්‍යවස්ථාදායක නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය රටට ඉටු කිරීම සඳහා ඔබගේ දායකත්වය අතිශයින් බලපානවා.
හිටපු කතානායකට විරුද්ධව විශ්වාස භංගයකට මුල පුරන්නට අපට සිදුවුණා. මේ පාර්ලිමේන්තු කාලය තුළදී එවැන්නක් යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. අපට අවශ්‍ය ස්ථාවර රටක්. ” යැයි සඳහන් කරමින් විපක්ෂනායකවරයා සිය කතාව අවසන් කළා.
Author: Lanka Hit News
Post Views: 10