Global Platform For All Sri Lankans

Lanka Hit News

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය ගැන අයවැයෙන් සලකා බලන්න තීරණයක් ?

 

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් මුදල් අමාත්‍යාංශය පියවරක් අනු ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

ඒ ගැන මුදල් අමාත්‍යංශයේ සැලකිල්ල යොමු වනු ඇතැයිද බිමල් රත්නායක මෙහිදී සඳහන් කළා.

ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී මුදල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මේ බව පවසා සිටියා.

එහිදී ගයන්ත කරුණාතිලක සඳහන් කළේ , ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහක් වැඩිපුර දෙන බවට සඳහන්ව තිබෙන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads