කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද(17) දිනයේ ඒකක 16.02 කින් ඉහළ ගොස් 14,516.46 දක්වා වාර්තා වුණා.
දිනයේ වාර්තා වූ මුළු වෙළඳපොළ පරිමාණය රුපියල් බිලියන 6.3 ක් වූ බවයි සඳහන් වෙන්නේ.
කොළඹ කොටස් වෙළඳපොළේ මේ වර්ධනය නිසා ආයෝජක ආකර්ෂණය තවත් වර්ධනය වනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ (16) ඒකක 14,500 සීමාව පසු කරනු ලැබුවා.
ඒ අනුව, ඊයේ දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 309.24 කින් ඉහළ ගොස් ඒකක 14,514ක් ලෙස සටහන් වුණා.
Author: Lanka Hit News
Post Views: 12