චීනය සංක්‍රමණ වීසා රහිත ප්‍රතිපත්තිය පුළුල් ලෙස ලිහිල් කිරීම ප්‍රකාශයට පත් කළ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා දෛනික මාධ්‍ය හමුවට එක් වෙමින් දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව එහි සඳහන් වන්නේ චීනය හරහා වෙනත් රටකට ගමන් කිරීම සඳහා ගමන් බලපත්‍ර හිමි විදේශිකයින්ට මීට පෙර වීසා රහිතව චීනය තුළ රැඳී සිටිය හැකි ව තිබූ පැය 72 ක සහ පැය 144 ක කාලය නව ප්‍රතිපත්තියත් සමග පැය 240ක් දක්වා එනම් දින 10ක් දක්වා දීර්ඝ කෙරෙන බවයි.
මේ සමගම වීසා රහිත පහසුකම් සහිත විදේශිකයින්ට චීනයට පැමිණීමට සහ චීනයෙන් පිටවීම සඳහා පැවති ප්‍රවේශ ස්ථාන සංඛ්‍යාවද 21 සිට 60ක් දක්වා ඉහළ නංවා ඇති අතර ඔවුන්ට රැඳී සිටිය හැකි ස්ථාන සංඛ්‍යාව ද 19 සිට 24ක් දක්වා පුළුල් කර තිබෙන බවයි පවසන්නේ.
එසේම විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සංක්‍රමණ වීසා රහිත විදේශිකයන්ට පළාත් හරහා ගමන් කිරීමට ද අවසර ලබා දෙන බවටද ප්‍රකාශ කර තිබෙනවා.
මේ වසරේ විදේශීය සංචාරකයින් වැඩි ප්‍රමාණයක් චීනයට පැමිණ ඇති බව නවතම දත්ත මගින් අනාවරණය වේ.
චීන විදේශ අමාත්‍යංශය පවසන්නේ තම රට විදේශීය සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බවයි.
මේ අතර ඊයේ(17) දිනයේ සිට චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාමට බලපාන වීසා රහිත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම පුළුල් කොට ප්‍රශස්ත කිරීම නිකුත් කිරීමෙන් පසු “වීසා රහිතව චීනයේ රැඳී සිටීම” යන සෙවුම් ජනප්‍රියත්වය එසැනින් ඉහළ ස්ථානයට ළඟා වීමද කැපී පෙනුණි.
මෙසේ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟම, චීනයේ සංචාරක ව්‍යාපාරයට අදාළ කර්මාන්ත සඳහා වැඩි වශයෙන් වාණිජ අවස්ථා විවර වන අතර එයින් චීන ආර්ථික සංවර්ධනයට නව ජවයක් සැපයීමක්ද සිදු වේ.
වර්තමානයේ, භූ දේශපාලනික තත්ත්වය වඩාත් සංකීර්ණ වෙමින් පවතින අතර වෙළඳ ආරක්ෂණවාදය ගෝලීය සංවර්ධනයට බාධා කර ඇති පසුබිමක ලෝකයේ විවෘත පරිසරය එතරම් පුළුල් නොවේ.
එම තත්වය හා සසඳන විට, 2023 දී චීනයේ විවෘතභාවයේ දර්ශකය 2008 ක් වූ අතර එය 11.89% කින් මේ වන විට ඉහළ ගොස් ඇති බවත් එම වර්ධන අනුපාතය ලෝකයේ ඉහළම අගයන් අතරට පත්වන බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.