යාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරුණු මී උණ රෝගය වව්නියාව දිස්ත්‍රික්කයටද පැතිර ඇති අතර මේ වන විට මී උණ රෝගීන් 99 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි උතුරු පලාත් සෞඛ්‍ය ලේකම් කේ.ඒ. කේදීස්වරන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
වව්නියාව මහරොහලෙන් වාර්තාවූ රෝගියා 46 හැවිරිදි ගොවියෙකු වන අතර ඔහු වව්නියාව මහරෝහලේ සිට වැඩිදුර ප්‍රතිකර සඳහා යාපනය රෝහල වෙතට මාරුකොට යවා තිබෙනවා.
පසුගිය (17) දිනය වන විට රෝගීන් 89 ක් වාර්ථා වෙද්දී අද වන විට තවත් රොගීන් 10 දෙනෙකු හඳුනාගත් අතරම මේ වන විට පේදුරුතුඩුව රෝහලේ රෝගීන් 23 දෙනෙකු සහ යපනය ශික්ෂණ රෝහලේ රෝගීන් 06 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරම ගෙවී ගිය පැය 24 ක කාලය තුලදී පේදුරුතුඩුව රෝහලට මී උණ වැළඳුනු රෝගීන් 9 දෙනෙකු සහ යපනය රෝහලට රෝගීන් 5 දෙනෙකු ඇතුලු වී ප්‍රතිකාර ලබමින් සිටින බවටද වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර මී උණ වෛරසය වැලක්වීම සඳහා ධීවර කර්මාන්තයේ යෙදෙන මිරිදිය කරදිය සියලු ධීවරයින්ට මෙන්ම , ගොවීන්ට, නගරසභා මෙන්ම ප්‍රාදේශීය සභා සනීපාරක්ෂක සේවකයින් ඇතුලු 6000 ක් දෙනාට ඖෂධ මෙන්ම ප්‍රතිජීවක එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති බවටද කේ. ඒ. කේදීස්වරන් සඳහන් කළා.
මේ අතර කොළඹ සිට පශු සම්පත් නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිට නිලධාරීන් පිරිසක් අද දිනයේදී යාපනයට පැමිණ නිරීක්ෂණයක නිරත වීමටද නියමිතයි.