Global Platform For All Sri Lankans

Lanka Hit News

අරමුදල අවභාවිත කළ තවත් අයගේ නම් ඉදිරියේ දී එළියට

 

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.

1978 ජනාධිපති අරමුදල යටතේ ක්ගාණ්ඩ 05ක පුද්ගලයින්ට මුදල් ලබා දීමට අවස්ථාව සලසා දී ඇති බවයි

එම පිරිස ඥාන වර්ධනයට උදව්කරන්න, ජාතික වැදගත්කමක් ඇති පුද්ගලයින්ට යම් සහායක් ලබාදීමට, දරිද්‍රතාවයට සහන සලසන්න එමෙන්ම මණ්ඩලය විසින් තීන්දු කරන පුද්ගලයින් බවයි අමාත්‍යවරයා සඳහන්කර සිටියේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.

”සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාවට අත්දැකීමක් තියෙනවා හෘද සැත්කමක් කර ගත්තොත් නැත්නම් යම් ප්‍රතිකාරයක් ගත්තොත් නැත්තන් ඒකට ප්‍රතිකාරයක් ගත්තොත් රුපියල් ලක්ෂයක්, 1 1/2ක් ගන්න කොතරම් දුක් විඳින්න ඕනෙද කියලා. ඒ ඉල්ලන මුදල ලැබෙන්නෙත් නැහැ. ඒකට ලියුම් කියුම් පුරවන්න සෑහෙන්න රස්තියාදුවක් වෙන්න සිද්ද වෙනවා. නමුත් මේ ලේඛනය දිහා බැලිවාම පේන්වා. මම ඉදිරිපත් කළේ 2005 සිට 2024 දක්වා යම් යම් කාලවල දේශපාලකයන් විසින් ලබාගත් මුදල් පමණයි. ඊට කලින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේත් මේ විදියට ලබාගෙන තියෙනවා. මං ඉදිරිපත්කළ ලේඛන වලට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සභාපතිවරු, පළාත් සභා ඇමතිවරු ඇතුළු රාශියක් මේ විදියට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන තියෙනවා. මේක ඇත්තටම සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයක්. ජනතාවගේ අරමුදල්. පිහිට වෙන්න හදපු එකක්. මෙම මුදල් සමහර අයට රුපියල් ලක්ෂ සීය, 110 ලබාදීල තියෙන්නේ කොටස් වශයෙන් නොවෙයි කෙළින්ම දීලා. රු ලක්ෂ 5ක් සාමාන්‍ය කෙනෙක්ට දුන්නොත් ඒක දෙන්නේ කොටස් වශයෙන්. බලය තමන්ගේ අතේ තියාගෙන ඒ අය ලොකු හැන්දෙන්ම තමන්ට බෙදා ගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. මේ පිළිබඳව ඉදිරියේදී තවත් කරුණු අනාවරණය කරගන්නවා. ඉතිරි ලේඛනය තව දවස් කිහිපයකින් මාධ්‍යයට ඉදිරිපත්කරන්න බලාපොරොත්තු වෙනවා.”

පසුගිය (17)වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ මෙවැනි අදහසක්.

ප්‍රධාන වශයෙන්ම දුප්පත්කම තුරන්කර සහන සලසන්න, අධ්‍යාපනයට, ආගම ඒ වගේම ජාතිය වෙනුවෙන් සේවය කළ අයට තමයි මේ ජනාධිපති අරමුදලෙන් මේ සහන සපයන්න පුළුවන්. මේ මගේ ළඟ තිබෙන්නේ දෙදාස් පහ, දෙදාස් විසිහතර, ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු, මට මේ තිබෙන වෙලාව අනුව ගොඩක් වෙලා කියවන්නේ නැති නිසා මේකෙන් අර මම කැටගරිවලට ඔබතුමන්ලා තෝරන්න මේ කොයි එකෙන්ද දීලා ඇත්තේ කියලා. මම කියන්නම් නම් ටිකක්. මේකෙන් මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත්ත කට්ටිය. දැන් අපේ ගම්වල හෘද සැත්කමක් හරි, පිළිකා රෝගයකට හරි, මොකක් හරි දේකට මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ගන්න ගියහම, කොච්චර දීලා තියෙනවද? ඒක කොච්චර දුෂ්කරද කියලා ඔබතුමන්ලා, ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, මන්ත්‍රීවරු හැටියට දන්නවා.

මෙන්න මෙහෙමයි නම් ටික.

පී හැරිසන්.
පියසේන ගමගේ.
සුමේධා ජයසේන
මනෝජ් සිරිසේන
පී. දයාරත්න
එස්. සී. මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
සරත් අමුණුගම
එස්. බී. නාවින්න

මේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත්ත අයගේ නම් වලින් කොටසක්.

මේ අයගේනම් නම කෙලින්ම තියෙනවා. තව නම් හොයාගන්න ටිකක් මහන්සි වෙන්නට ඕනේ.

එක්කෙනෙක් ජේ. පී. ඩී. පී. කේ ජයසේකර එතන තියෙන්නේ ෆෝම එම්. පී. කුරුණෑගල දිස්ත්‍රික්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආපු ජේ. පී. ඩී. පී. කේ. ජයසේකර කවුද? අපි දන්න ජයසේකර එක්කෙනයි ඉන්නේ. කවුද? ජේ. පී. දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන්නේ ජේ. පී.ඩී පී. කේ ජයසේකර.

කළුතර දිස්ත්‍රික්කයේ එච්. එම්. පී. එන්. ඩී සිල්වා මෙහෙම නමක් ඡන්ද ව්‍යාපාරයේ තිබුන්නැ හැබැයි පියල් නිශාන්ත ද සිල්වා තිබ්බා ඒ එයා තමයි මේ පියල් නිශාන්ත ද සිල්වා

ඊළඟට එස්. ඒ. ඩී. එස් ප්‍රේමජයන්ත ලිපිනය තියෙන්නේ නුගේගොඩ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ප්‍රේමජයන්ත කවුද? සුසිල් ප්‍රේමජයන්ත

මේ නම ටිකක් හොයාගන්න අමාරු වුණා. මේක තියෙන්නේ මෙහෙමයි. ඊ. ඒ. අයි. ඩී පෙරේරා. බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති, මම හිතනවා කාටත් මතක නැතුව ඇති කියලා. ඉසුර දේවප්‍රිය ධර්මසේන පෙරේරා.

මේ කට්ටියක්. තව ඉන්නවා.

එස්. ඒ ජගත් කුමාර – ලක්ෂ 10යි
කේ. පී. එස් කුමාරසිරි – 953,430
ජයලත් ජයවර්ධන – ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන – ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා – ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක – ලක්ෂ 15යි
විමලවීර දිසානායක – ලක්ෂ 30යි
ලකී ජයවර්ධන – ලක්ෂ 16.2යි
පී චන්ද්‍රසේකරන් – ලක්ෂ 14යි
ජෝන් අමරතුංග – 2014 අරන් තියෙනවා ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා – ලක්ෂ 27යි
ටී බී ඒකනායක – ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා – ලක්ෂ 55යි (සරත් ෆොන්සේකා නෙමෙයි)
නීතිඥ ජයන්ත වීරසිංහ – ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ – ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ – ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න – ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල – ලක්ෂ 110යි
එම්. කේ. ඒ. ඩී. එස් ගුණවර්ධන – ලක්ෂ 112යි
රංජිත් සොයිසා – ලක්ෂ 188යි
දි.මු ජයරත්න – ලක්ෂ 300යි

මේ ජනාධිපති අරමුදලේ මුදල්, මේ ජනාධිපති අරමුදලේ මුදල්. එතකොට අපේ ගමක කෙනෙක් ලක්ෂ දෙකහමාරක්, තුනක්, හතරක් ගන්න කොච්චර මහන්සි වෙනවද? මේ මොන කැටගරි එකෙන්ද? දුප්පත්කම අඩු කරන්නද? ආගමට සේවයක් කරන්නද? ඥානය වර්ධනය කරන්නද? ඒ ඔක්කොටම මේ දීලා තියෙන්නේ බලන්න. ලක්ෂ අනූව, සීය, දෙසිය පනහ, තුන්සීය. නැති බැරි මිනිස්සු. අරගෙන තියෙන්නේ මෙතනින්. මම කිව්වේ අර පරම්පරාව අරගෙනද සමහර වෙලාවට මෙතනින්? එහෙම තමයි අරමුදල පාවිච්චි කරලා තියෙන්නේ. මේ ජනාධිපති අරමුදල මේ මණ්ඩලයේ සභාපති වෙන්නේ ජනාධිපතිවරයා. මේ දෙදාස් පහේ ඉඳන් පහළව වෙනකන් දෙදාස් විසිහතර වෙනකන් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ. මේ ජනාධිපතිවරු හතර දෙනාම මේකේ මණ්ඩලයේ සභාපති දරලා තියෙනවා.
ඔබතුමාලගේ ආණ්ඩුව කාලෙත් මේ මේක තිබුනනේ. ඒ කාලෙත් මෙහෙම දීලා තියෙනවා. මේවා පාර්ලිමේන්තු දන්නෙ නෑ. මේ රටේ ජනතාව දන්නෙත් නෑ. හැබැයි මේක ජනාධිපති අරමුදල කරලා තියෙන්නේ. එපමණක් නොවෙයි මේ රටේ මේ දරුවෝ වෙනුවෙන් වියදම් කරන්න තිබ්බ මුදල්, අපි මේ මුදල් මවලා නෙමෙයි මේවා දෙන්නේ.

මේ මහා භාණ්ඩාගාරයේ තියෙන මුදල් තමයි අපි එක පැත්තක වියදම් අඩු කරලා දේශපාලඥයන් වෙනුවෙන් කරන ඒ මුදල් ඒ මුදල් මේ රටේ ජනතාවගේ දරුවන් වෙනුවෙන් යොදවනවා. මෙන්න වියදම් කරලා තියෙන හැටි. දෙදාස් විසිදෙකේ සැප්තැම්බර් එක සිට දෙදාස් විසිහතරේ සැප්තැම්බර් තිහ දක්වා අග්‍රමාත්‍ය කාර්යාලය වෛද්‍ය ඒකකයේ වියදම් අග්‍රමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් මේ එකතුව ගත්තොත් එහෙම රුපියල් එකසිය විසි එක් ලක්ෂ දහදාස් දෙසිය විස්සයි අවුරුද්දකට ලක්ෂ එකසිය විසි එකයි අග්‍රමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් මේ වියදම් තමයි ගරු අග්‍රමාත්‍යතුමිය පහුගිය කාලේ ඒ ඇම්බියුලන්ස් බාරදීලා අඩු කරල තියෙන්නෙ මෙන්න වියදම් මේවා තමයි ජනතාවගේ බදු මුදල් වියදම් කරලා තියෙන හැටි තමුන්නාන්සේලා පහුගිය ආණ්ඩු හරි කවුද මේවා පාවිච්චි කරේ, දිනේෂ් ගුණවර්ධන අග්‍රමාත්‍යවරයා හැටියට මේ පාවිච්චි කරලා තියෙන හැටි.

කොතනද අග්‍රමාත්‍ය කාර්යාලය තියෙන්නේ? එතන ඉඳන් ජාතික රෝහලට කොච්චර දුරයිද? මහ ලොකු දුරක් නෑනේ. රටේ ඉහළින්ම තියෙන රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් සියල්ලම අත ළඟ තියෙන්නේ. එහෙම තියෙද්දී අග්‍රමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය එකේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකසිය එක පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙන්න මේවා තමයි මේවා නතර කරන්න තමයි ජනතා බලයක් දුන්නේ අපිට. අපි ඒවා කරමින් ඉන්නවා. අන්න ඒ වෙලාවට දැන් හරි රටේ නේද? සමහර භාණ්ඩවල හිඟයක් තියෙනවා. හැබැයි අපිට පේනවා මේ පොල් කන්න නෑ, හාල් කන්න නෑ. ඒ කිව්වට ඒකේ යටින් තියෙන්නේ මොකක්ද දන්නවාද? හොරා කන්නේ නෑ කියන එක. හොරා කන්නේ නෑ. මේ කරලා තියෙන්නේ ඒකනේ.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads