Global Platform For All Sri Lankans

Lanka Hit News

අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව කසුන් මහේන්ද්‍ර පොලිස් අත්අඩංගුවට

 

ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල තම නිවස ඉදිරිපිට වෙළෙඳසැලකට යමින් සිටියදී හැදුනුම්පත සන්තකයේ නොමැතිවීමෙන් අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිදුවීම සහ එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහු චෝදනා කර තිබුණේ, එම අවස්ථාවේදී ඔහුට එම පිරිස විසින් පහරදී ඇති බවයි.

අනතුරුව ඔහු පැය දෙකහමාරකට පමණ පසුව පොලිස් අත්අඩංගුවෙන් නිදහස් වූ බවත් ඔහු එමගින් සඳහන් කරනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads