Global Platform For All Sri Lankans

Lanka Hit News

සහල් මෙට්‍රික් ටොන් 67, 000ක් දිවයිනට

 

රට තුළ පැවති සහල් හිඟයට පිළියමක් ලෙස රජය පසුගිය 04 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් ආනයනයට අවසර ලබා දුන් අතර ඒ සඳහා රජය විසින් අවසර ලබාදී තිබූ කාලය ඊයේ මධ්‍යම රාත්‍රී 12න් අවසන් වුණා.

එම කාලය තුළ පෞද්ගලික ආනයනකරුවන් විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කර ඇති බවයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳහන් කළේ, මෙට්‍රික් ටොන් 28,500ක කැකුළු සහල් ප්‍රමාණයක් ද , මෙට්‍රික් ටොන් 38,500ක නාඩු සහල් ප්‍රමණයක් මෙරටට ආනයනය කර ඇති බවයි.

එසේම, සහල් ආනයනයට ලබාදී තිබූ කාලය අවසන් බැවින් ඊයේ මධ්‍යම රාත්‍රී 12න් පසුව මෙරටට ආනයනය කරන සහල් නිෂ්කාශනය කිරීමට නෛතික බලයක් නොමැති බව ද ඔහු කියා සිටියා.

කෙසේ නමුත්, සහල් ආනයනය කිරීමේ අවසරය ලබන වසරේ ජනවාරි 10 දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇති අතර එය ඉදිරි සතියේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එසේම, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යු.කේ. සේමසිංහ කියා සිටියේ, සහල් අනායනකරුවන් සහල් ආනයනය සදහා මැලිකමක් දක්වන බවයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads