Global Platform For All Sri Lankans

Lanka Hit News

ඉතිහාසයේ පළමුවරට , නෙළුම් කුලුණේ පාසලක් ?

කොළඹ නෙළුම් කුලුණ, ඉතිහාසයේ පළමුවරට පාසලක නිල වර්ණවලින් අද (21) ආලෝකමත් වීමට නියමිතයි.

ඒ මාතර රාහුල විද්‍යාලයේ නිල වර්ණ වන නිල් සහ රත්‍රං පැහැයන්ගෙනි.

නෙළුම් කුලුණ මෙලෙස ආලෝකමත් වීමට නියමිතව ඇත්තේ, එම විද්‍යාලයේ 99 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ 25 වන සංවත්සර සුහද හමුවට සමගාමීවයි.

ඒ අනුව අද රාත්‍රී 8.30 සිට පැයක කාලයක් විද්‍යාලයේ නිල වර්ණවලින් නෙළුම් කුලුණ ආලෝකමත් වනු ඇති.

නෙළුම් කුලුණ තුළදී විද්‍යාලයේ සුහද හමුව ආරම්භවීමට නියමිතව ඇත්තේ, පස්වරු 6.30 ට බව සඳහන්.

ඒ, විද්‍යාලයේ විදුහල්පති ඇතුළු කීර්තිමත් ආදී ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙනි.

විද්‍යාලයෙන් සමුගෙන වසර 25 කට පසුව පාසල් මිතුරන් හමුවන මෙම සුවිශේෂී අභිමානවත් රාත්‍රිය, සෞන්දර්ය අංග රැසකින් ද වර්ණවත් වීමට නියමිත බවයි මාතර රාහුල විද්‍යාලීය 99 ආදී ශිෂ්‍ය කණ්ඩායම සඳහන් කරන්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads