පසුගිය දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක් සිදුකර තිබෙනවා.
ඇතැම් ස්ථාන කිහිපයක වැඩිමිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ලද පැමිණිලි අනුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා වැටලීම් සිදුකළ බවයි පාරිභෝගික අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩා කියා සිටියේ.
පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ සහල් ඌනතා මට්ටමක් පැවැතියද මේ වන විට එම ඌනතාව සඳහා පිළියම් යොදමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් සුලභතාවය ක්‍රමානුකූලව වැඩිවන බවට නිරීක්ෂණය වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
සහල් ආනයනය දීර්ඝ කර ඇති බැවින්, උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ සහල් හිඟතාවයකින් තොරව සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවද තිලකරත්න බණ්ඩා ප්‍රකාශ කළා.
Author: Lanka Hit News
Post Views: 29