ආසියානු කුසලාන කාන්තා වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් අද සමත් වුණා.
ඒ අද පැවති අවසන් තරඟයේදී බංගලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 41කින් පරාජයට පත් කරමිනි.
තරඟය පැවැත්වූයේ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදීයි.
ඉන්දීය කාන්තා කණ්ඩායමයි මෙම තරඟයේ මුලින් පන්දුවට පහරදුන්නේ.
එම යොවුන් ක්‍රීඩිකාවන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 117ක් රැස්කළා.
ලකුණු 118ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සියලු ක්‍රීඩිකාවන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 76ක් පමණි.
මේ අනුව වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ආසියානු කුසලානය ලකුණු 41කින් තමන් සතු කර ගන්නට ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන්ට හැකි වුණා.
මේ අතර පසුගියදා පැවති වයස අවුරුදු 19න් පහළ පිරිමි පන්දුවාර 20යි 20 ආසියානු කුසලාන තරඟාවලියේදී ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් පරාජය කරමින් බංගලාදේශ යොවුන් ක්‍රීඩකයනුයි එහි ශුරතාව දිනා ගත්තේ.