ගණිකා වෘත්තිය අපරාධයක් නොවන බවත් එම වෘත්තියේ යෙදෙන කතුන්ට දඬුවම් කළ නොහැකි බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී.පුංචිහේවා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අන්තර්ජාතික මානව හිමිකම් දිනය සැමරීමේ උත්සවයක් අමතමින්.
පවතින නීතියට අනුව කළ හැක්කේ ගණිකා නිවසක් පවත්වාගෙන යන කළමණාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීම පමණයි.
මානව හිමිකම් කඩවීම් පිළිබඳ පැමිණිළි විශාල වශයෙන් ලැබෙනා බවත් පොලිසිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවලට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් නිමල් පුංචිහේවා අවධාරණය කළා.
මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ ලැබෙන පැමිණිලි සිය කොමිෂම විසින් විභාගයට ගනු ලබනවා.
පොලිසිය ආපරාධ හෝ එවැනි වෙනත් අපරාධ සම්බන්ධයෙන් දරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සහ රාත්‍රියේදී රාත්‍රි ඇඳුමින් සිටින කාන්තාවන් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීම නීතිවිරෝධී බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.