ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ, ඉකුත් 19 වැනි දා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව, එය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වගවත්ත සහ මිල්ලනිය කර්මාන්ත කලාපවලට විදුලිය සැපයීම සඳහා කටයුතු කරනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.
මේ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රුපියල් මිලියන 2,300ක මුදලක් ආයෝජනය කර ඇති අතර මෙම ග්‍රිඩ් උපපොළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද අක්කර 05ක පමණ භූමි භාගයක ඉදිකර තිබෙනවා.
මෙම නව ග්‍රිඩ් උපපොළ දැනට පවතින කර්මාන්ත සඳහා විදුලි සැපයුමේ ස්ථායිතාවය හා ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ඉදිරියේදී ඇතිකිරීමට අපේක්ෂිත කර්මාන්ත සඳහා ස්ථායි මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් 90 MVAක ධාරිතාවයකින් යුතුව ඉදිකර ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ තැනීම් ව්‍යාපෘති (TCP) ශාඛාව විසින් මෙම නව ග්‍රිඩ් උපපොළ සැලසුම් කිරීම, ඉදිකිරීම සහ පද්ධතියට එක් කිරීම සිදු කරනු ලබනවා.
වගවත්ත ග්‍රිඩ් උපපොළ යනු, සම්පුර්ණයෙන්ම ලංකා විදුලිබල මණ්ඩල කාර්යමණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද පළමු ග්‍රිඩ් උපපොළයි.