Global Platform For All Sri Lankans

Lanka Hit News

ගුරුවරුන් ට විශේෂ දැනුම්දීමක්…

බස්නාහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යංශය ගුරුවරුවන්ට සිය පාසලේ දරුවන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ආණ්ඩුකාරවරයාගේ නියෝගය පරිදි මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

පාසල් ගුරුවරුන්ට සිය පාසලේ දරුවන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයේ දැක්වා ඇත්තේ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව අනාවරණ කළා.

ඔහු සඳහන් කළේ අධ්‍යාපනය වෙනුවෙන් ගත යුතු ඉතා වැදගත් පරිපාලනයමය තීරණ තිබිය දී ඇතැම් අධ්‍යාපන බලධාරීන් මෙවැනි පියවර ගැනීම ගැටලු සහගත බවයි.

මේ අතර ගුරු කාර්යක්ෂමතා කඩඉම් වැඩසටහනට අදාළ මොඩියුල සම්බන්ධයෙන් ද පසුගිය 17 වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය තාවකාලික ව අත්හිටුවා තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads