Global Platform For All Sri Lankans

Lanka Hit News

හොර නෝට්ටු සමඟ අත්අඩංගුවට ගත් නාට්‍ය අධ්‍යක්ෂවරුන් රිමාන්ඩ්

ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 58ක් ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් සිව් දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී ජයවර්ධනගේ නියෝගයකට අනුවයි.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර ළඟ තබාගත් බව කියන ටෙලි නාට්‍ය සම අධ්‍යක්ෂවරයා සහ කලා අධ්‍යක්ෂවරයා ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

මෙම සිසුන් සතුව රුපියල් 5000 මුදල් නෝට්ටු 58ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් එම මුදල් නෝට්ටුදී කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමට යාමේදීයි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads