Global Platform For All Sri Lankans

Lanka Hit News

කැනඩා ආයතන දෙකක් හා එහි පුද්ගලයින් පිරිසකට එරෙහිව චීනය දැඩි ක්‍රියාමාර්ග ගනියි

‘චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතියේ’ විධිවිධාන අනුව කැනඩාවේ ආයතන 2ක් හා එහි පුද්ගලයින් 20කට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගැනීමට චීනය තීරණය කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙනවා.

කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතන දෙකට අයත් චීනය තුළ ඇති වත්කම් සීමා කිරීම ඇතුළු පියවරයන් කිහිපයක් ම ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ 2024 දෙසැම්බර් 21 දින සිට බලාත්මක වනු පරිදිවේ.

එම ආයතන දෙක චීන සංවිධාන සහ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම, සහයෝගීතා පැවැත්වීම ද තහනම් කර තිබෙනවා.

මෙම ආයතනයන් දෙකට අදාළ පුද්ගලයින් 20දෙනාට අයත් චීනයේ ඇති වත්කම් ද සීමා කෙරෙන බවයි පැවසෙන්නේ.

එම පුද්ගලයින් 20 දෙනා සහ චීනයේ සංවිධාන හා පුද්ගලයන් අතර ගනුදෙනු මෙන්ම සහයෝගීතා පැවැත්වීම ද මෙමඟින් තහනම් කර ඇති බවත් ඔවුන්ට හොංකොං සහ මැකාවු යන කලාප දෙක ද ඇතුළුව චීන වීසා නිකුත් කිරීම ද අත්හිටුවන බව දැනුම් දී තිබෙන බවද කියයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads