චීනය සමග හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා ඊයේ(23) යුක්රේනයේ නව චීන තානාපති Ma Shengkun මහතාගේ අක්තපත්‍ර භාර ගැනීමේ අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ඒ යුක්රේනයේ අගනුවර වන Kiev හිදීයි.
චීන-යුක්රේන සබඳතාවේ විධිමත් සංවර්ධන ප්‍රවණතාව සක්‍රිය ලෙස අගය කරමින් චීනයේ ඒ ඒ මට්ටම අතර හුවමාරු ශක්තිමත් කර ආර්ථීක, වෙළඳාම හා මානව යන ක්ෂේත්‍රවල සහයෝගිතා දියුණු කිරීමට යුක්රේනය කැමැත්තෙන් සිටින බවයි යුක්රේන ජනාධිපති මෙහිදී සඳහන් කළේ.
චීනය හා යුක්රේනය උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් යුත් රටවල් දෙකක් බවත් චීනය සෑමවිටම දිගුකාලීන දැක්මකින් යුක්රේනය සමග සබඳතාව පිළිබඳව සලකා බලමින් අදාළ සැලසුම් සම්පාදනය කරන බවට මෙහිදී නව චීන තානාපතිවරයා සඳහන් කළා.
එමෙන්ම චීනය යුක්රේනය සමග එක්ව දෙරට නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් ඒ ඒ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගිතා ශක්තිමත් කිරීමෙන්, ද්විපාර්ශවික සබඳතාව තවදුරටත් සංවර්ධනය කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.