Global Platform For All Sri Lankans

Lanka Hit News

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට

 

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය ඊයේ(25) මහජන ගෞරවය සදහා නුගේගොඩ, ගංගොඩවිල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබුණා.

එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් සහ රසික රසිකායින් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි සඳහන් වුණේ.

අද දහවල් දක්වා ප්‍රියා සූරියසේනගේ දේහය මෙලෙස මහජන ගෞරවය සඳහා නිවසේ තැන්පත් කර තැබෙන අතර අද පස්වරු 2.00 සිට 5.00 දක්වා දේහය ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබීමට නියමිතයි.

අනතුරුව දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන යන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(27) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

මේ අතර,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රියා සූරියසේනගේ දේහයට ඊයේ අවසන් ගෞරව දැක්වනු ලැබුවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් ඉතා විශාල ජනකායක් පැමිණෙමින් තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads